දිසා කරවන දිසාපතිඳුනි, අසන් මේ බස යොමා සවනත
වැව් තලාවම ඉරිතැළී ඇත, දුක් දෙවයි ගොවියනගෙ ගත සිත
උදලූ තල රළු පොළොව වැදුණ ද
බොල් හඬක් නැත ඒ පොළොව මත
තුමනි ගරුතර, ලබා දෙනු මැන
සහනයක් දුක් විඳින අප වෙත
විසල් මේකුළු වලා පාවෙත
නොදේ වැහි පල දැවුණු පොළොවට
යල මහේ වී කුඹුරු පාළුව අටුව හිස් විය නොසිතු විදියට
දිවා රැය අප පහන් කළමුත් වැහි වලාවක් නොමැත දකිනට
දරු පැටවු බඩ සයින් පෙළෙමින්
සිටින සැටි නොහැකිය බලන්නට
ඉහළ වැව් කොටුවෙන් නොමැත පෙර ලෙස
ගලන්නේ අද රිදී ජල කඳ
සාර කෙත් වතු දැවී වියළී ඉපනැල්ල සෑදී තිබෙන සඳ
හෙළන මුත් දහඩිය කඳුළු බිඳු
නොවේ සැනසුම් මගක් කොහි වෙද
ගගන සරනා කුරුල්ලන්ගෙන්
ඇසේ ශෝකී ගීය තතු ලෙද
නෙතින් ඔබතුම බලා මෙපුවත කුලූණු මෙත පතුරා සැනේ
නියං සායෙන් පෙළෙන දන හට පිහිට වනු මැන විගසිනේ
වැහි වටක් ගොස් වාන් උතුරා පොළොව තෙත් වූ විගසිනේ
රන් වියෙන් පිරි කුරුණි ගණනින් දැයට දෙන්නෙමු මතු දිනේ
Saturday, October 3, 2009
Subscribe to:
Post Comments (Atom)
එකල ලියැවුන කවිය කොතරම්
ReplyDeleteමට සිලිටි වෙද, පිනයි මන කොඳ
එවන් කවි යලි දුරු රටක සිට
මෙසේ දැක්මද මහත් සතුටෙකි
කොච්චර දුක්බර ඒත් සොඳුරු ආයාචනයක්ද?
ReplyDeleteපිහිට වුවහොත් රටට වී කුරුණි පිටින් දෙන්නට පොරොන්දු වන හැටි කොච්චර හිතට වැදෙනවද?
හැබැයි දැන් කාලෙ නායකයන්ට මේ වගේ කවියක් ලියල වැඩක් කරවගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්
__
මේ word verification අයින් කරනවද?