Showing posts with label විද්‍යාඥයෙකුගේ බිරිඳක් කී කවියක්. Show all posts
Showing posts with label විද්‍යාඥයෙකුගේ බිරිඳක් කී කවියක්. Show all posts

Saturday, September 12, 2009

විද්‍යාඥයෙකුගේ බිරිඳක් කී කවියක්

විදුලි බුබුළු වීදුරු නළ සිලින්ඩර
නන් පැහැ ගත් විදුලි කම්බි අතරෙහි හිඳ
බුද්ධිය දරදඬු කොට දාගෙන ඔබ
විදු නැණයෙන් සඳ තරණය කරනට

සබඳ ඔබේ විසල් බුද්ධියේ පහුරෙන්
මිනිසෙකු හඳ මත පාද තැබුව ද
නොහැක ඔබේ විදු නැණයේ බලයෙන්
හද තරණය කර ජයක් ලබන්නට