පේ‍්‍රක්‍ෂකාගාරය දැඩි නිහැඬියාවෙන්
අබිසරු නිළිය වෙත දෙනෙත් හෙළා ඇත
කටාක්ෂ නිරීක්‍ෂණයෙන් ඈ බලන සඳ
පේ‍්‍රක්‍ෂකයන් ඈ වැළඳ ගනී.
ඇගේ
රඟපෑම් විශිෂ්ට යැයි එකෙක් කීහ
සියුමැලි යුවතියක වූ
ඇගේ රඟ පෑම්
මා සිත සසල කරවී
ඈට ප‍්‍රසාදය පළ කරනු සඳහා
මා නේපථ්‍යාගාරයට යන විට
ඇගේ තන පුඩුවක්
බිලිඳකු විසින්
උරනු දුටිමි.
ඈ දක්‍ෂ නිළියක් නොවේයැයි
මට හදිසියේ
සිතිණ.
Showing posts with label නිළිය හා පේ‍්‍රක්‍ෂකයා. Show all posts
Showing posts with label නිළිය හා පේ‍්‍රක්‍ෂකයා. Show all posts
Saturday, September 12, 2009
Subscribe to:
Posts (Atom)