Saturday, September 12, 2009

නිළිය හා පේ‍්‍රක්‍ෂකයා

පේ‍්‍රක්‍ෂකාගාරය දැඩි නිහැඬියාවෙන්
අබිසරු නිළිය වෙත දෙනෙත් හෙළා ඇත
කටාක්ෂ නිරීක්‍ෂණයෙන් ඈ බලන සඳ
පේ‍්‍රක්‍ෂකයන් ඈ වැළඳ ගනී.

ඇගේ
රඟපෑම් විශිෂ්ට යැයි එකෙක් කීහ
සියුමැලි යුවතියක වූ
ඇගේ රඟ පෑම්
මා සිත සසල කරවී

ඈට ප‍්‍රසාදය පළ කරනු සඳහා
මා නේපථ්‍යාගාරයට යන විට
ඇගේ තන පුඩුවක්
බිලිඳකු විසින්
උරනු දුටිමි.

ඈ දක්‍ෂ නිළියක් නොවේයැයි
මට හදිසියේ
සිතිණ.

1 comment:

  1. මිනිස් සිතේ විවිධ හැඟීම්(ආදරය,රාගය,කාමය,ඊර්ෂ්‍යාව)ගුරු කරගෙන පබදින මෙවැනි කවි වලට මම කවදත් කැමැත්තෙමි.ඒ අතින් බලන කල මෙය විශිෂ්ඨ නිර්මාණයක් බව හැඟේ.

    ReplyDelete