අනන්තයට යොමු වූ ඇස් ඇති
නීල නුවන් ඇති යුවතිය
ඔබ දැක්මෙන් මා හද සනහාලයි
අඬන්ට තැතනූ වලා ඇදී ගොස්
ඔබ ගෙන ඒ මට ආදර ස්නේහය
මම ලැබුවෙමි ඔබගෙන් ජීවය
කල්ප ගවු ගණන් ගෙවී ගියද ලොව
මතකයෙ තුරුලෙන් ඔබ නොම ගිලිහේ
මලානිකව ගිය දෑසින් යුතු මම
සප‍්‍රාණික වී ලෝකය ඉදිරියෙ
ජීවය ලැබු ප‍්‍රාණියෙකු විලාසෙන්
නැඟී සිටියේ ඔබගේ උරයෙනි
ඔබගේ බැති කුසුමින් පිබිදී
අලූත් බවක් හදවතෙහි වගාකොට
සුසුදු ලෝකයක් අල්ලාගන්නට
මහ අඩි තබමින් ඉදිරිය වෙත යමි
බලාපොරොත්තුව සිතෙහි දරා ගෙන
දිවගිය මුත් නව ලොවක් සොයාගෙන
සම්ප‍්‍රදායයේ කටුමැටි බිත්තිය
කොටු කර ඇත හිරු සඳු නොනඟිනසේ
Friday, September 11, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment